Month April 2024

සුබ නැකතට අගමැති අතින් අරලියගහ මැදුරු බිමේ නෙල්ලි පැළයක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් (18) පෙරවරු 10.16ට යෙදී තිබූ පැළ සිටුවීමේ සුබ නැකතට අගමැති දිනේෂ් ගුණවර්ධන අරලියගහ මන්දිර පරිශ්‍රයේදී නෙල්ලි පැළයක් සිටුවූ අයුරු. අගමැති ලේකම් අනු්ර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධනද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අවුරුදු නැකත් සීට්ටුවේ නැකතට පැළ සිටුවීමේ චාරිත්‍රය ඇමැති අතින්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වන නැකතට පැළ සිටුවීමේ සමාරම්භක උත්සවය (18) පෙරවරු 10.16ට යෙදුණු සුබ නැකතින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පැවැත්විණි. එහිදී ඇමැතිවරයා විසින්…

අඟහරු ලෝකෙට යන්න අපේ පියුමි තෝරාගනී

පුහුණුවක් සඳහා අඟහරු ග්‍රහයා වෙත යෑමට නියමිත විද්‍යාඥයන්ගේ කණ්ඩායමට අමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් ශ්‍රී ලාංකික තරුණියක වන පියුමි විජේසේකර තෝරාගෙන තිබේ. ඔවුන් ඒ සඳහා සිව් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගෙන ඇති අතර, ඒ අතරට පියුමි විජේසේකර ද ඇතුළත් කරගෙන…

පෙබරවාරි මාසය සඳහා නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කෙරේ

නලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා. එම සටහන අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන ජාතික මට්ටමේ අවම මුදල රුපියල් 16,975 ක්…

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ…

චමරිට ජනපති රනිල්ගෙන් දුරකථන ඇමතුමක්

දකුණු අප්‍රිකාවේ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කර තිබේ. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චමරි අතපත්තුට මෙන්ම සමස්ත ශ්‍රී…

පරිසරයට හානි කරන තොරතුරු මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවින් පොලිස්පතිවරයා විසින් එම දුරකථන අංක හඳුන්වා…

ජාතික ජන බලවේගය කාදිනල් හිමිපාණන් හමුවෙයි

2019 වර්ෂයේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට අද (18) පිළිගන්වා තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල…

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි ඇයට එරෙහිව චෝදනා…

ශ්‍රී ලංකා තැපෑල නමින් එවන SMS පණිවුඩ ව්‍යාජයි – තැපැල්පති

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා. වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් මඟින් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටමින් වංචාවක් සිදුකරන බවයි ඔහු…