Month April 2024

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදට වසර 5ක් සපිරෙයි

2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින දේවමෙහෙයට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කරගනිමින් 273 දෙනෙකුගේ ජීවිත හානි කරමින් එල්ල වූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය සිදු වී අදට (21) වසර 5ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් අද උදෑසන කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී අති…

ධනය නිර්මාණය කළ හැක්කේ ධනවාදයට පමණයි – සජිත් ප්‍රේමදාස

ධනය නිර්මාණය කළ හැක්කේ ධනවාදයට පමණක් බව තම පක්ෂය තරයේ විශ්වාස කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමාජයේ පවතින රෝගාබාධ සඳහා බෙහෙත් වට්ටෝරුවක් බව කියන කොමියුනිස්වාදය සහ අන්ත ​සමාජවාදය තමන් ප්‍රතික්ෂේප කරන නමුත්, ඇතැම් සමාජවාදී පරමාදර්ශ සමාජයේ…

ඉරා­න­යට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහා­ර­යෙන් බොර­තෙල් මිල ඉහළට

ඊශ්‍රා­ය­ල­යෙන් ඉරා­න­යට ප්‍රහා­ර­යක් එල්ල කළ බවට අමෙ­රි­කානු නිල­ධා­රින් ප්‍රකාශ කිරී­මත් සමඟ ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ තෙල් සහ රන් මිල ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව බ්‍රෙන්ට් බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 3කින් ඉහළ ගොස් ඇතැයි ද එය 3.94%ක වැඩි­වී­මක් බව…

ගාසා යුද්ධ­යෙන් දරු­වන් 13,800ක් ජීවි­ත­ක්ෂ­යට – යුනි­සෙෆ් සංවි­ධා­නය

ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මස 7 වැනිදා ආරම්භ වූ යුද ගැටුම් හේතු­වෙන් ගාසා තීරයේ දරු­වන් 13,800කට දිවි අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අර­මු­දල (යුනි­සෙෆ් සංවි­ධා­නය) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සංවි­ධා­නයේ විධා­යක…

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයක් අතරතුර පුද්ගලයෙක් ගිනි තබා ‌ගනියි

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගය පැවැත්වෙන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා ඇති මාර්ග බාධකයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන තිබේ. මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ, ෆ්ලොරිඩාහි පදිංචි මැක්ස් අසරෙල්ලෝ නැමැති පුද්ගලයෙකු බව නිව් යෝර්ක් පොලිසිය ප්‍රකාශ…

ඉන්දියාවේ දී ‘ඡන්දය දුන්’ පළමු ලාංකික සරණාගතයා මෙන්න

කේ.නාලනී ඉන්දීය මැතිවරණයක දී තම ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමුවැනියා බවට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොට්ටපත්තු කඳවුරේ දී (19) ඇය තම ඡන්දය ලබා දුන්නාය. 38 හැවිරිදි නාලනී මාධ්‍ය වෙත පවසා ඇත්තේ “ඉන්දියානුවන් ලෙස ඉන්දියාවේ බියෙන් තොරව…

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටිනවා – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. මේ වන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ගැටලුවක් ඇති නොවන බවයි තානාපතිවරයා තහවුරු කළේ. ඊශ්‍රායලයේ උතුරු…

පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින්  ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර  ගබඩා පරිශ්‍රයේදී (19) ආරම්භ කර තිබෙනවා. පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර…

ITC Ratnadipa Colombo හෝටල් සංකීර්ණය ලබන සතියේ විවෘත කෙරේ

කොළඹ නගරයට එක්වන නවතම අතිසුඛෝපභෝගී, සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිතව තිබෙනවා. ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර ඇති බවයි වාර්තා වෙන්නේ.…

ජනපති අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ නිරීක්ෂණ චාරිකාවක

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි ‍නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර…