Month April 2024

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ධුරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කර ඇති බව වාර්තා වෙනවා. වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය විසින් අද (21) දිනයේ මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

පාස්කු ප්‍රහාරය හරහා පාලකයින්ගේ වගකීම් විරහිත ස්භාවය මනාව පැහැදිළි වුණා – ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හරහා මෙරට පාලකයින්ගේ වගකීම් විරහිත ස්භාවය මනාව පැහැදිලි වූ බව ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. එම ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා ගැනීමට මෙතෙක් අපොහොසත්වීම කණගාටුදායක බවයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මියගිය අය සිහිපත් කිරීමේ අවස්ථාව ඇමතූ උන්වහන්සේ…

ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට

ඉන්දියාවෙන් ලොකු ළුෑණු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු තොගය ලෙස ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2,000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ. කෙසේවෙතත් මෙරට මාසික ලොකු ළුෑණු අවශ්‍යතාව…

රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ…

ලංකාවෙන් යුක්‍රේන යුද්දෙට කුලී හේවායන් යැවූ ඒජන්තයෝ දැලේ

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු මහ මොළකරුවන් වූ විශ්‍රාමික මේජර්වරයෙකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මකව සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, මිනිස් ජාවාරම්…

මත් කරල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

පුල්මුඩේ ප්‍රදේශයේ දී නීති විරෝධී මත් කරල් 1,229ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක්(18) දිනයේ සිදු කළ වැටලීම් 02 කදීයි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන කටයුතු…

මුවමස් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

අධි සංරක්ෂිත සත්වයෙක් වන මුවෙකු මරා මස් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් වි‍ශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා (19) කරදියනාරු ප්‍රදේශයේ, කොස්ගොල්ල, කැලෑබඳ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදියි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි දී නීති විරෝධීව…

ඉබ්බන් 17ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කාත්තන්කුඩි පොලිස් වසමේ නිවසකින් ඉබ්බන් 17 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු(19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මඩකලපුව ප්‍රදේශයට පැමිණි නීතිවිරෝධී ලෙස එම ඉබ්බන් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ. සොයාගත් ඉබ්බන් පොලිසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන්…

මීටර් 28.57ක උසක Surfing වාර්තාවක් පෘතුගාලයෙන් 

පෘතුගාලයේ සෙබස්තියන් ස්ටෙඩ්නර් විසින් Nazareහි මීටර් 28.57ක උසකින් රළ පැද (Surfing) වාර්තාවක් තබා තිබෙනවා. පසුගිය වසරේද ලෝක වාර්තාවකට හිමිකම් කියූ සෙබස්තියන් විසින් 2022 වසරේ ඔහු තැබූ වාර්තාව මෙලෙස අලුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මෙම වාර්තාව…

යුක්‍රේනය, රුසියානු උපායමාර්ගික බෝම්බ හෙලන යානයක් බිම හෙළයි

යුක්‍රේනය විසින් රුසියානු උපායමාර්ගික බෝම්බ හෙලන යානයක් බිම හෙලූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා මධ්‍යම Dnipropetrovsk ප්‍රදේශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට මරු කැඳවමින් සිදු කළ පහර දීමෙන් අනතුරුව රුසියානු උපායමාර්ගික බෝම්බ හෙලන යානයක් වෙඩි තබා බිම හෙලූ බවයි…