Month April 2024

තායිවානයේ භූ කම්පන 80ක්

තායිවානයේ තායිපේ අගනුවර කේන්ද්‍ර කරමින් භූ කම්පන 80කට අධික ප්‍රමාණයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගල හානි වාර්තා නොවූවද, ගොඩනැඟිලි රැසකට සුළු හානි සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. තායිපේ නුවරට දකුණින් පිහිටි හුවාලියන් නගරයේ සිදු…

රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

සංවිධානාත්මක දුෂණ වංචා චෝදනා මත රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ටිමුර් ඉවානොව් අත්අඩංගුවට ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. අල්ලස් ගනුදෙනුව මහ පරිමාණයෙන් සිදු වී ඇතැයි රුසියාවේ විමර්ශන කමිටුව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. රඳවා තැබීමේ නියෝග යටතේ…

බීමත්ව රිය පැදවීමේ වරදට හසු වූ බෙල්ජියම් ජාතිකයාගේ සිරුරේ ඇල්කොහොල් නිපදවීමේ දුර්ලභ රෝගයක්

බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ලවීමෙන් අත්අඩංගුවට ගනු ලැබු බෙල්ජියම් ජාතිකයකු සිරුරෙන් ඇල්කොහොල් නිපදවන දුර්ලභ රෝගි තත්ත්වයෙන් පසුවන්නකු බව තහවුරු වීමෙන් නිදහස ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. ස්වයං ඇල්කොහොල් සහලක්ෂණය (ඒබීඑස්) නමැති දුර්ලභ රෝගියකු බව අධිකරණයේදී ඔහුගේ නීතිඥවරයා…

රුසියාවෙන් ඉන්දියාවට පර්යේෂණ මධ්‍යස්ථානයක්

රුසියාවේ විශ්වවිද්‍යාල සහ ඉන්දියාවේ විශ්වවිද්‍යාල හවුල්කාරීත්වයෙන් නවදිල්ලි නුවර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සම්බන්ධයෙන් රුසියාවේ මොස්කව් නුවර පිහිටි ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වන ආර්ථික විද්‍යා උසස් විද්‍යාලය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර විශ්වවිද්‍යාලය අතර උපායමාර්ගික සහයෝගීතා…

ගාසා තීරයේ සමූහ මිනී වළක් සොයාගනී

ගාසා තීරයේ ඛාන් යූනිස් නුවර රෝහල් පරිශ්‍රයකින් සමූහ මිනී වළක් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඛාන් යූනිස් නුවර අල් ෂිෆා සහ නසාර් රෝහල් භූමිවල පිහිටා තිබූ එම සමූහ මිනී වළේ අත් පා ගැට ගැසූ මළ සිරුරු 283ක් තිබු…

බෝර 12 ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සන්තකයේ තබා ගනිමින් කිසියම් අපරාධයකට සැරසී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකු පොලිස් වි‍ශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් (23) ගලහ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක්…

බිරිය-දරුවන් ඔස්ට්‍රේලියා යවා මහා පරිමාණයෙන් කසිප්පු පෙරලා

සිය බිරිය සහ දරුවන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යවා තම නිවස තුළ මහා පරිමාණයේ දැවැන්ත මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය අයකු සහ එහි තිබූ පෙරන ලද මත්පැන් සහ ඒවා පෙරීම සඳහා උපයෝගි කරගත් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය…

තක්කාලි කිලෝව රුපියල් දහයකටවත් දෙන්න බෑ

කැප්පෙටිපොළ ආර්ථිකයේ තක්කාලි ගොඩගැහිලා කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට (24) රැගෙන ආ තක්කාලි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීමෙන් තමා මහත් අපහසුතාවකට පත්ව ඇතැයි ගොවීහු පවසති. වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් බෝගහකුඹුර, මස්පන්න, බොරලන්ද, අඹගස්දෝව, මැදවෙල ඇතුළු ගම්මාන රැසක ගොවීන් විශාල…

බුලත්සිංහල චීවරධාරියකුට ගුටි පූජාවක්

ගහපු පිරිස හා ගුටිකෑ චීවරධාරියා අත්අඩංගුවට මෝල්කාව ගලහිටිය මහමෙව්නා විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිනමකට ඉකුත් 24 දින උදෑසන මහ මඟදී පහරදීමක් සම්බන්ධව සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි. මෙම හිමිනම අනාචාරයේ හැසිරෙනවා යැයි උරණ වූ ගම්වාසීන් පිරිසක්…

වහලය ගලවා කඹයකින් බැස 

අනුරපුර බැංකුවක් කොල්ලකන්න යද්දී නළා හඬට හොරු දුවලා අනුරාධපුර නගරයේ ඇති වාණිජ බැංකුවක සේප්පු කපා දමා එහි මුදල් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු හෝ පිරිසක් එම බැංකුවේ නළා සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් කොල්ලකෑම අත්හැර දමා පලා ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය…