රතු පස්වල නඩු තීන්දු කල් යයි

පිරිසිදු ජලය ලබා ගැනීම සම්බන්ධ උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි.

ඒ් ගම්පහ මහාධිකරණයේ දී (30) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය තිබූ අතර එය මෙලෙස කල් තැබුණි.