නාගොඩ රෝහලේදී නව තාක්‍ෂ­ණ­යෙන් උපතින්ම වකු­ගඩු බද්ධ වූ අය­කුගේ වකු­ගඩු ගල් ඉව­තට

පුද්ග­ල­යන් 500කගෙන් එක් අය­කුට පම­ණක් පිහි­ටන විරල තත්ත්ව­යක් වන වකු­ගඩු දෙක යටින් එකට බද්ධ වූ පුද්ග­ල­ය­කුගේ වකු­ගඩු දෙකේම හට­ගත් ගල් නව­තම තාක්‍ෂ­ණය යටතේ ඉවත් කිරීමේ විශේෂ සැත්ක­මක් පසු­ගි­යදා කළු­තර නාගොඩ ශික්‍ෂණ රෝහලේ දී සිදු කෙරිණි.

කළු­තර නාගොඩ ශික්‍ෂණ රෝහලේ වකු­ගඩු හා මෞත්‍ර­ලිං­ගික ශල්‍ය වෛද්‍ය ඒක­කයේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණ පල්ලි­ය­ගු­රුගේ ඇතුළු කණ්ඩා­ය­මක් විසින් මේ සුවි­ශේෂී සැත්කම කළ අතර එම සැත්කම කළු­තර නාගොඩ ශික්‍ෂණ රෝහලේ වකු­ගඩු හා මෞත්‍ර­ලිං­ගික ශල්‍ය වෛද්‍ය ඒක­කය සිදු කළ 150 වැනි වකු­ගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍ය­ක­ර්මය වීම ද විශේ­ෂ­ත්ව­යකි.

මේ සුවි­ශේෂී ශල්‍ය­ක­ර්මය පිළි­බ­ඳව කළු­තර නාගොඩ ශික්‍ෂණ රෝහලේ වකු­ගඩු හා මෞත්‍ර­ලිං­ගික ශල්‍ය වෛද්‍ය ඒක­කයේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණ පල්ලි­ය­ගු­රුගේ මෙසේ පැව­සීය.

රෝගි­යාගේ වකු­ගඩු දෙකෙන් ඉවත් කළ ගල් කැබලි

අද කළු­තර නාගොඩ ශික්‍ෂණ රෝහලේ වකු­ගඩු හා මෞත්‍ර­ලිං­ගික ශල්‍ය ඒක­ක­යට විශේෂ දව­සක්. අද අපේ අංශයේ 150 වැනි වකු­ග­ඩු­වල ගල් ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සිදු­කළා. මේ ශල්‍ය­ක­ර්ම­යත් විශේ­ෂයි. මේ ශල්‍ය­ක­ර්මය අප කරන්නේ අශ්ව ලාඩ­මක හැඩ­යෙන් යුත් වකු­ගඩු දෙකක (Hose Shoe Kidney) එනම් වකු­ගඩු දෙක පහ­ළින් එකට සම්බන්ධ වූ පුද්ග­ල­ය­කුගේ වකු­ගඩු දෙකේම තිබුණු ගල් එකම අව­ස්ථා­වක ඉවත් කිරී­ම­ටයි.

මෙසේ අශ්ව ලාඩ­මක හැඩ­යෙන් යුත් වකු­ගඩු දෙකක් ඇති­වීම පුද්ග­ල­යන් 500කින් එක් අයෙ­කුගේ පමණ පිහි­ටන විරල පිහි­ටී­මක්. නමුත් මෙය විකෘති තත්ත්ව­යක් නොවෙයි. අද අප මේ ශල්‍ය­ක­ර්මය කළේ වයස අවු­රුදු 38ක පිරිමි අය­කු­ටයි. මේ ශල්‍ය­ක­ර්මයේ තවත් විශේ­ෂ­ත්ව­යක් තමයි අප ඉතා­මත් නවීන උප­ක­රණ මේ සැත්ක­මේදී භාවිත කිරීම.

අප ළඟ දැන­ට­මත් තිබෙ­නවා වෝට් 140ක ඉතා­මත් අධි­බ­ලැති ලේසර් යන්ත්‍ර­යක්. ඒ ලේසර් යන්ත්‍ර­යෙන් වකු­ග­ඩු­වල පිහිටි ගල් ඉතාම සියුම් කොට­ස්ව­ලට කඩන්න පුළු­වන්. ඒ වගේම මේ ශල්‍ය­ක­ර්මය සඳහා අප භාවිත කළා නම්‍ය­ශීලී නළ­යක් (Disposable Flexible Yuritroscopy). මේ උප­ක­ර­ණය රජයේ රෝහ­ල්වල මෙතෙක් භාවිත නොකළ උප­ක­ර­ණ­යක්. මේ උප­ක­ර­ණය මඟින් වකු­ග­ඩුවේ පිහිටි ඉතා­මත් සංකීර්ණ නාළ පද්ධ­ති­යට යොමු වෙලා අප වකු­ග­ඩුවේ සිය­ලුම කොට­ස්ව­ලට ගිහින් එම ගල් කුඩා කොට­ස්ව­ලට කඩා වකු­ග­ඩු­වට ඇතුළු කළ ටියුබ් එක මාර්ග­යෙන් එළි­යට ගත්තා. අප භාවිත කළ ලේසර් යන්ත්‍ර­යෙන් වකු­ග­ඩුවේ පිහිටි ගල් ඉතාම කුඩා කොට­ස්ව­ලට සහ දූවිලි බවට පත් කර ශරී­ර­යෙන් ඉව­තට ගැනී­මට හැකි­යාව ලැබුණා. අප මේ සඳහා රෝගි­යාගේ ශරී­රයේ සුළැ­ඟිල්ලේ නිය­පො­ත්තක් තරම් ප්‍රමා­ණයේ සිදු­රක් පම­ණයි යොදා ගත්තේ.

මා මේ අව­ස්ථාවේ විශේෂ පණි­වි­ඩ­යක් ලබා­දී­මට කැම­තියි. තරුණ වයසේ පසු­වන අයට. මේ ශල්‍ය­ක­ර්මය කළ පුද්ග­ලයා වයස 38ක කෙනෙක්. තමන්ගේ වකු­ග­ඩුවේ ගලක් තිබෙ­නවා නම් ශල්‍ය­ක­ර්ම­ය­කින් තමයි එය ඉවත් කළ යුත්තේ. ශල්‍ය­ක­ර්ම­ය­කින් ගලක් ඉවත් කළත් නැවත වකු­ග­ඩු­වක ගල් ඇති විය හැකියි. දැන් වකු­ග­ඩු­වක පිහි­ටන ගලක් ඉවත් කිරී­මට විශාල කැපුම් සහිත ශල්‍ය­ක­ර්ම­ව­ලට යා යුතු නැහැ. මෙවැනි ශල්‍ය­ක­ර්ම­ය­කට අප රෝගි­යාගේ ශරී­රයේ සුළැ­ඟිල්ලේ නිය­පො­ත්තක් තරම් ප්‍රමා­ණයේ සිදු­රක් පම­ණයි කරන්නේ. එම නිසා රෝගි­යාට ශල්‍ය­ක­ර්ම­යෙන් පසුව දින කීප­ය­කින් ඔහුගේ සාමාන්‍ය ජීවන ක්‍රියා­කා­ර­ක­ම්වල යෙදී­මට හැකි­යාව ලැබෙ­නවා.

මේ සුවි­ශේෂී ශල්‍ය­ක­ර්මය සඳහා වකු­ගඩු සහ මෞත්‍ර­ලිං­ගික විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණ පල්ලි­ය­ගු­රුගේ සමඟ වකු­ගඩු සහ මෞත්‍ර­ලිං­ගික ශල්‍ය ඒක­කයේ වෛද්‍ය­ව­රුන් වන වෛද්‍ය අරුණි, වෛද්‍ය අනු­පමා, වෛද්‍ය යුරේකා, නිර්වි­න්දන වෛද්‍ය­ව­රුන් වන වෛද්‍ය මුදිත සහ වෛද්‍ය තුෂානි, ශල්‍යා­ගාර හෙද සොයු­රිය රාජිනී, ශල්‍යා­ගාර හෙද නිල­ධා­රීන් වන දුලාරි, එරන්දි, චාන්දනී, නිමේෂා, ප්‍රියං­ගනී, විකි­රණ ශිල්පී දිල්ශාන් සහ සෙසු කාර්ය මණ්ඩ­ලයේ උදිත, ප්‍රදීප්, රසික කණ්ඩා­යම එක්වී සිටි­යහ.