වසර 20ක් තිස්සේ වතු සමාගම් විසින් වතු සේවක ගෙවිය යුතු රුපියල් කෝටි පන්සීයක (500) පමණ වූ හිඟ සේවක භාරකාර අරමුදල් ( ETF) සහ සේවක අර්ථසාධක අරමුදල් (EPF) රජය මගින් ගෙවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කොට ඇතැයි වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවැසීය.
වැවිලි සමාගම් විසින් ගෙවිය යුතු හිඟ මුදල් රජයේ මුදලින් ප්‍රතිලාභීන්ට ගෙවීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කිරීමෙන් අනතුරුව ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවැසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය. වතු සේවකයන් විසින් ඔවුන්ට අදාළ හිඟ මුදල ලබා ගැනීම සඳහා නඩු 2000 කට ආසන්න ප්‍රමාණයක් ගොනුකර තිබෙනවා. නමුත් මෙතෙක් ඒවාට සාධාරණයක් සිදුවී නැහැ. වැවිලි කර්මාන්ත ක්ෂේත්රය නගාසිටුවීමට පියවර ගත යුත්තේ සේවකයන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කරමිනි. රජය ඒ පිළිබඳ පූර්ණ අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නංවනවා.