මැයි දිනය වෙනුවෙන් හෙට මත්පැන් අලෙවිසැල් වැසේ

මැයි දිනය වෙනුවෙන් (01) දිවයිනේ මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, (30) දින මත්පැන් අලෙවිසැල් වසා දමන වේලාවේ සිට මැයි 02 වන දින විවෘත කරනු ලබන වේලාව දක්වා මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.