ශ්‍රී ලංකා – ජපාන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ විදේශ කටයුතු ඇමැතිනී යෝකෝ කමිකාවා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. දෙදින සංචාරයක් සඳහා ජපන් විදේශ කටයුතු ඇමැතිනී යෝකෝ කමිකාවා එළඹෙන 04 දා මෙරටට පැමිණෙන අතර 05 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරය අතරතුරදී, ජපන් විදේශ කටයුතු ඇමැතිවරිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන බැහැදකිනු ඇති අතර ජපන් විදේශ කටයුතු ඇමැතිවරිය ප්රමුඛ දූත පිරිස විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සමඟ ද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. ජපන් විදේශ කටයුතු ඇමැතිවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම නිල සංචාරයට එක්වෙති.