ගුග්ලිමෝ මාර්කෝනිගේ ජන්ම දින සැමරුම

ඉතාලියේ සුප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙකු සහ ගුවන්විදුලියේ නිර්මාතෘ වන ගුග්ලිමෝ මාර්කෝනි (Gugliemo Marconi) ගේ 150 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් (29) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී ඡායාරූපයක් නිරාවරණය කිරීම සිදුකළ අතර සමරු මුද්දරයක් සහිත මුල් දින කවරයක් නිකුත් කරනු ලැබීය.

ලෝක සංවර්ධනයේ යෝධ පරිච්ජේදයක් බිහි කළ ගුග්ලිමෝ මාර්කෝනි විසින් ලොවට දායාද කළ සහ නිර්මාණය කළ දෙය දෙස ආපසු හැරී බලන විට,  අප එක් ව සිටින්නේ ඉතා වැදගත් අවස්ථාවක බව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

අපි හැමෝටම මේ වැදගත් පුද්ගලයා පිළිබඳ ඉහළම පිළිගැනීමක් තිබෙනවා. ඉතාලියේ පමණක් නොව, අපේ ගෙවත්තේ පමණක් නොව ලොව පුරා රැහැන් රහිත සන්නිවේදනය, ගුවන්විදුලිය, සඳහා ඔහු සිදු කළ දායකත්වය මුළු ලෝකය ම සිහිපත් කරන අතර ඔහුගේ 150 වන උපන් දින සංවත්සරයේ දී ඔහුට ස්තූතිවන්ත වෙනවා.

ඔහුගේ සොයාගැනීම්වල තාක්ෂණික කරුණු ගැන වැඩිය කතා කිරීමට මට අවශ්‍ය නැහැ. කිසි දා නිම නොවන පෞරුෂයක් වන ඔහුගේ ජීවිතය මෙන් විද්‍යාවේ ඉතා සරල ආරම්භයක් මෙන් පෙනෙන නමුත්, එය වඩාත් ම දියුණු අවධියක් දක්වා විද්‍යාවට කිසිදා නිම නොවන දායකත්වයක් සැපයුවා. එය ජීවිත වෙනස් කළා, විවිධ සංවර්ධන රටා වෙනස් කළා, විවිධ සන්නිවේදන රටාවන් වෙනස් කළා පමණක් නොවේ ඔහු විසින් දමන ලද සදාකාලික පදනම තවදුරටත් වර්ධනය වුණා.

මනුෂ්‍ය වර්ගයාට ඔහු කළ උදාර දායකත්වය වෙනුවෙන් මුල් දින කවරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කළේ ඒ නිසයි. ඒ වගේ ම ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළා. අපේ ඉතිහාසයේදී හැඳින්වූ පරිදි මේ රේඩියෝ සිලෝන් (ලංකා ගුවන්විදුලි සේවය) එක.  ඇත්තෙන් ම අද රේඩියෝවත් නෑ ලංකාවත් නෑ. අපි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, මක් නිසාද යත් ලංකාව ජනරජයක් බවට පත් වූ නිසාත්, ශ්‍රී ලංකාව එහි නම ලෙස පිළිගැනුණු නිසාත් එහෙම වුණා. නමුත් මාර්කෝනි සහ ඔහුගේ පවුලේ අය මෙම ගුවන් විදුලියට පැමිණීම එකල සන්නිවේදන හා ගුවන් විදුලියේ ප්‍රමුඛතම ආයතනික ව්‍යුහය වූ රේඩියෝ සිලෝන්හි ඇති වැදගත්කම ඉමහත් ලෙස පිළිගැනීමක්.

මුළු අග්නිදිග ආසියාවට ම රේඩියෝ සිලෝන් වැදගත් තැනක්. ඒ නිසා පැහැදිලිවම, ගුවන්විදුලියේ නිර්මාතෘ සහ නිපැයුම්කරු දකුණු ආසියා මහද්වීපයේ මෙම කුඩා දිවයිනට පැමිණීමට තීරණය කළා, රේඩියෝ සිලෝන් වෙත, නව විකාශන ක්ෂේත්‍ර දියුණු කිරීමට ඉවහල් වූ උපකරණ කිහිපයක් ඒ මොහොතේ තමාට කළ හැකි පරිදි දායක කළා. එම ආයතනික දායකත්වයට නැවත වරක් අපි බෙහෙවින් ස්තූතිවන්ත  වෙනවා.

මෙම කුඩා රේඩියෝ සිලෝන් ආයතනයට එය මහත් ජයග්‍රහණයක් වන අතර, ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය සහ සංචාරයට පෙර පවා මාකෝනිගේ දායකත්වය ඒ හා සම්බන්ධ වුණා. මෙය ඉතාලිය සමඟ අපගේ ශක්තිමත්, මිත්‍රශීලී සබඳතාවලට දායක වුණා. අද අප එකට සිටින මේ මොහොත අපගේ රටවල් දෙක අතර නව අධ්‍යයන ක්ෂේත්‍ර තවදුරටත් ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට දායක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. තවද අපගේ මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය අනෙකුත් සියලුම රටවලට, මෙම විශේෂිත විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්ව කටයුතු කළ හැකි වෙනත් ජාතීන්ට තවදුරටත් උපකාර කිරීමට දායක විය හැකියි.

මගේ කෙටි සටහන අවසන් කිරීමට පෙර, එක්සත් ජනපදයේ සිට පැමිණ ශ්‍රී ලංකාවේ ජීවත් වීමට තීරණය කළ ආතර් සී ක්ලාක් ඔහුගේ ගවේෂණ සඳහා හොඳම ස්ථානය වූ ශ්‍රී ලංකාවේ සිට තවදුරටත් අභ්‍යවකාශ ගවේෂණය කිරීම ගැන ද සිහිපත් කරනවා. දක්ෂිණ ධ්‍රැවය දක්වා පහළට යන විට ශ්‍රී ලංකාව සහ දක්ෂිණ ධ්‍රැවය අතර වෙනත් දූපතක් නැහැ. ලෝකයේ සංවර්ධනයේ සාර්ථකත්වය සඳහා අපේ දෙ රට අතර ඒ හා සමාන නව ක්ෂේත්‍රවලට තවදුරටත් යා හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයන කිරිඳිගොඩ, චරිත හේරත්, යදාමිණි ගුණවර්ධන, චාර්ල්ස් නිර්මලනාදන්, කරුණාදාස කොඩිතුවක්කු, ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කොවිග් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට,  ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මෙම අවස්ථාවට එක්ව සිටිය හ.