කෝටි දෙක හමාරක ගජමුතු සමඟ සැකකරුවෙක් කොටුවෙයි

රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් ගජමුතු තොගයක් හා රිදී මංජුසාවක් සමග සැකකරුවෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්මුනේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මඩකලපුව පුලියන්තීව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිටදී වැටලීමක් සිදු කර තිබෙයි

එහිදී අලෙවිය සදහා සූදානම් කර තිබූ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා ගජමුතු 11ක් සහ රිදී මංජුසාවක් සමග 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

චෙන්කලාඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු වැඩිදුර විමර්ශන සදහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර ඇත