යුක්තියට කට්ටි පැන්න අයිස් ජාවාරම මාට්ටු

යුක්තිය මෙහෙයුමෙන් කට්ටි පනිමින් සිටි, මත් ද්‍රව්‍ය ජාවාරම් ලැයිස්තුවට අදාල පුද්ගලයෙකු,අයිස් මිලි ග්‍රෑම් 3580 ක් ද සමගින්,සම්මට්ටිවාඩිය ප්‍රදේශයේ දී  (29 ) කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

54 වියැති මෙම පුද්ගලයා මත් ද්‍රව්‍ය ජාවාරම් චෝදනා යටතේ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

කල්පිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල් එදිරිසින්හගේ මෙහෙය වීමෙන් පොලිස් කොස්තාපල්වරුන්වන 35384 මනෝහර,99527 මධුශංක,99773 ආරච්චි,100716 බස්නායක,102559 ජයකොඩි යන නිළධාරීන් මෙම වැටලීම සිදු කොට ඇත.