IPL Match Summary: Royal Challengers Bengaluru හා Chennai Super Kings කණ්ඩායම්වලට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 වන තරගය ලෙස (28) Royal Challengers Bengaluru කණ්ඩායම හා Gujarat Titans අතර පැවති තරගයෙන් කඩුලු 9 ක ජයක් ලැබීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bengaluru කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Gujarat Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 200 ක් ලබා ගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Royal Challengers Bengaluru කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 78 ක ජයක් ලබා ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 212 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Sunrisers Hyderabad කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 134 ක් පමණක් වන අතර පන්දු යැවීමේදී Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.