බෝමිරියෙන් ඇල්ලූ කෝටි 19ක කුඩු ඩුබායි ජාවාරමකුගේ

පොලිස් බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව බියගම පොලිසියේ නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනෙක් සමඟ කඩුවෙල බෝමිරියේ දී අත්අඩංගුවටගත් රුපියල් කෝටි 19කට ආසන්න මත්ද්‍රව්‍ය කිලෝ 31 ඩුබායි සිට මෙහෙයවන මත්කුඩු ජාවාරම්කරුවකුට අයත් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

හෑෂ්, අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ගැම්ස් 31කට අධික ප්‍රමාණයක් (26) අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී හමුවී තිබේ.

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ලැගුම් හලක් අසලදී බියගම පොලිසියේ නිලධාරීන්ට බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව වැටලීමක්කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 310ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 310ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ 26 වෙනිදා රාත්‍රී කාලයේදීය. වයස අවුරුදු 31 හා 40 යන වයස්වල පසුවන්නන් වන ඔවුන් කඩුවෙල හා සියඹලාපේ පදිංචිකරුවන්ය.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කඩුවෙල බෝමිරියේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී තවත් මත්ද්‍රව්‍ය තොගයක් එහි තිබී හමුවී ඇත. එම නිවසේ මත්ද්‍රව්‍ය ගබඩාකර තබාගෙන ඩුබායි සිට ලැබෙන දුරකථන ඇමතුම්වලට අනුව බෙදා හරින බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

එහි තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අතර අයිස් කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 81ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 527ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 940ක් තිබී ඇත. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක්ද මත්ද්‍රව්‍ය ජාවාරමට භාවිත කළ වාහනයක්ද පොලිස් භාරයට ගෙන ඇත. මත්ද්‍රව්‍යවල බර කිරන කුඩා විදුලි තරාදියක් ද සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සොයගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත්තේ මෝටර් රථයේ සහ නිවසේ සඟවා තිබියදීය. ඒ අනුව මෙම මත්කුඩු ජාවාරමේ මෙරට බෙදාහරින්නා බවට සැක නිවෙස් හිමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අවුරුදු 31ක් වයසැති බෝමිරියේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරුව දින 07ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.

කැලණිය ජේෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිශාන්ත ජයවර්ධන හා කැලණිය සහකාර පොලිස් අධිකාරි ජී. ගුණතිලක, අධික්ෂණය යටතේ බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් විජේසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අශාන් ගමගේ, උප පොලිස් පරික්ෂක සුනිල් ශාන්ත, පොලිස් සැරයන් අල්විස් (26942), පොලිස් කොස්තාපල්වරුන් වන යොහාන් (99918), ජයසිංහ (103658) හා කාන්තා පොලිස් කොස්තාපල් දිල්රැක්ෂි (11651) යන නිලධාරීහු එක් වී සිටියහ.