නමගිය මත් ජාවාරම්කරුවන් 2ක් ගල්කිස්සෙන් අල්ලයි

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ සිදුකළ මෙහෙයුමේදී දිවයිනේ නමගිය පොලිස් පොතේ නම් සඳහන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අයිස් ග්‍රෑම් 11 ක් සහ හෙරෝයින් ග්‍රෑම් 30 ක් සමඟ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් (27) වනදින අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස හෝටලය අසලදී සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස, හුලුදාගොඩ පාර පදිංචිව සිටින වයස අවුරුදු (30) ක්ද වන අතර, ” සරුක් ක්‍රිශ්ටියන් ” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකි. මොහු සන්තකයේ අයිස් ග්‍රෑම් 11 ක් තිබී ඇති අතර, මහාධිකරණයේ නඩු කීපයක්ම පවතින අයෙකුද වන බවත්, ඔහු සන්තකයේ තිබූ දුරකථනය පරීක්ෂාවට ලක් කිරීමේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නම්ගම් ඇති ඇති බැවින් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රදවා තබා වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන බවත් පොලීසිය පැවසීය.

දෙවන සැකකරු දෙහිවල සරණංකර පාර පදිංචිව සිටින වයස අවුරුදු ( 45) ක්ද වන අතර, ගල්කිස්ස අධිකරණය ඉදිරිපිට සැක කටයුතු ලෙස සැරිසරමින් සිටියදී පරීක්ෂාවට ලක්කළ විට ඔහුගේ කලිසම් සාක්කුවේ සඟවාගන සිටි හෙරෝයින් ග්‍රෑම් 30 ක් පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය පැවසීය. මෙම සැකකරු ” දමිත් නොහොත් ධම්මා ” යන අන්වර්ත නාමයෙන් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කරුවන් සමඟ සබදතා පවත්වා ඇති බවට අනාවරණයවී ඇති බැවින් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රදවා තබා වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලීසිය පැවසීය.

වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රශන්න බ්‍රාහ්මණගේගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්නගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් කොස්තාපල් වරුවන 46183 ඒකනායක , 92693 සේනානයක , 96455 චමින්ද, 102080 සෙව්මිණ, 101111 වරුණ, 81753 හේමන්ත , 26454 රණසිංහ, 99142 ජයතිස්ස, පොලිස් කොස්තාපල් රියදුරු 80965 එදිරිසිංහ යන නිලධාරීන් විසින් සිදු කරගෙන යනු ලබති.