“කිත්සිරි මේලා” බක් මහ උළෙල ත්‍යාග ප්‍රදානයට ජනපති එක් වෙයි

එක්සත් ජාතික පක්ෂ කොළම හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ සමඟ මරදාන – සුදුවැල්ල ක්‍රීඩා සමාජය 28 වන වරටත් සංවිධානය කළ “කිත්සිරි මේලා” බක් මහ උළෙල (27) දිනය පුරා ඩීන්ස් පාර මංසන්ධියේ දී පැවැත්විණි.

එහි ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් අවුරුදු කුමරියන්ට ත්‍යාග ප්‍රදානය සහ කිරුළු පැළඳවීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සමස්ත ලංකා අයෝමය ශූරයා තරග ඉසව්වේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් ජයග්‍රාහකයන්ට සහ පාපැදි ශූරයන්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමුණේද ජනාධිපතිවරයා අතිනි.

කිත්සිරි රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ද සමරු තිළිණයක් පිළිගැන්විය.

සුදුවැල්ල මුස්ලිම් සුබසාධක සංගමය සහ අල් මදරසතුල් ජලාලියා කමිටුවේ සාමාජිකයන් විසින් කිත්සිරි රාජපක්ෂ වෙනුවෙන් පිරිනමන ලද විශේෂ උපහාර තිළිණය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News