අලුත් අවුරුදු උළෙලේ දී බෝට්ටු තරගයක්…

හැඳල දික්ඕවිට අවරකොටුව තරුණ කළ සංවිධායකත්වයෙන් ඉරිදා පැවති අලුත් අවුරුදු උළෙලේදී විශේෂිතම තරගය බවට පත්වූ බෝට්ටු තරගය හැඳල මට්ටක්කුලිය යා කෙරෙන කරන පාලම යටින් ආරම්භ කොට ඈත දියඹේ අවසන් කෙරිණි. මේ බෝට්ටු තරගයේ ආරම්භක අවස්ථාවයි.

එහිදී ජයග්‍රාහකයන්ට රුපියල් 50000, 30000 සහ 20000 බැගින් 1 2 3 ස්ථාන සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම විශේෂත්වයකි.