පාකිස්තානයෙන් නැව්ගත කරනු ලැබූ සහල් තොගයක පරිසරයට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට අවධාරණය කරමින් එය රුසියානු සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරිමක් බවට රුසියාවේ පශු වෛද්‍ය සහ ශාක පද්ධතියේ සුරක්ෂිතාව සඳහා වන රජයේ ආයතනය නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉදිරියේදී සහල් තොග නැව්ගත කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමු නොකළහොත් සහල් ආනයනය තහනම් කරන බවට රුසියාව විසින් පාකිස්තානයට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස පාකිස්තානයේ රුසියානු තානාපති කාර්යාලයේ වෙළෙඳ කටයුතු පිළිබඳ නිලධාරියාගෙන් රුසියානු රජය ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම අනාගතයේදී එවැනි නීතිරෙගුලාසි උල්ලංඝනය වීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් රුසියානු රජය සිය නියෝජිතයාට උපදෙස් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. රටවල් අතර වෙළෙඳාමේදී කෘෂිකාර්මික නිෂ්පාදන නියමිත ප්‍රමිතියට අනුකූල වීමේ වැදගත්කම ද රුසියාවේ පශු වෛද්‍ය සහ ශාක පද්ධතියේ සුරක්ෂිතාව සඳහා වන රජයේ ආයතනය සිය නිවේදනයෙන් දන්වා ඇතැයි වාර්තා වේ.