IPL Match Summary: Delhi Capitals හා Rajasthan Royals කණ්ඩායම්වලට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගය ලෙස ඊයේ (27) Delhi Capitals කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායමට අතර පැවති තරගයෙන් ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට Delhi Capitals සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Delhi Capitals කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 257 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Mumbai Indians කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 247 ක් පමණයි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වන තරගය ලෙස ඊයේ (27) Rajasthan Royals කණ්ඩායම හා Lucknow Super Giants කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Rajasthan Royals කණ්ඩායම 19 වන පන්දුවාරය අවසානයේදී කඩුලු 3 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.