රවී රොයිස්ටර් ගැන දුක්බර ආරංචියක්

රවී රොයිස්ටර් පහුගිය කාලයේ බොහෝදෙනෙක් ගේ අවධානයට සහ කතාබහට ලක්වුණ ප්‍රමුඛ පෙළේ ගයන ශිල්පියෙක් බවට පත් වුණා.

ඊට එක හේතුවක් වුණේ, ලොව සුප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India එක්ක රවී රොයිස්ටර්ගේ පළමු දමිළ ගීතය එළිදැක්වීමයි.

එපමණක් නොව පසුගිය දින වල පාලිත තෙවරප්පෙරුමගේ අභාවය එක්කත් රවී ගැන සමාජ මාධ්‍ය තුළ ප්‍රබල කතාබහක් ඇතිවීම ද විශේෂත්වයක්.

ඒ අන් කිසිවක් නිසා නෙවෙයි, පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කැමැත්ත අනුව රවීගේ ”හමාර බණවර” යළි ගායනා කිරීම නිසයි.

එහෙම කාගෙත් කතාබහට ලක්වුණු ඔහු ගැන ඔන්න ආයෙම කතා කරන්න පටන් අරන්. ඒකට හේතුව වුණේ ඔහු සිය පොතට එක්කාසු කර තිබූ මෙන්න මේ සටහන නිසයි….

එහි සඳහන්ව තිබුණේ මෙසේයි,

”මේ ගතවෙන්නේ මගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අවසන් මාස කීපයයි. මන්දයත් මා ඉගෙනගත් අවංක විෂය මේ ක්ෂේත්‍රයේ නොමැති නිසාවෙනි.

කලාව යනු කුහකත්වයවත් , ඊර්ෂ්‍යායවවත් ,අනෙකාව කෙටවීමවත් නොවෙයි , කලාව යනු ආදරයයි. ඒ ආදරයට මිලක් නියම කළ නොහැකිය.

මිල නියම වනුයේ තමන් කොතෙක් දුරට ඒ සංගීතයට අවංක ආදරය දක්වන විලාසය අනුවය. ඇත්තටම මේ රටේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ මට ඇත්තේ ඉතා දැඩි කලකිරීමකි.

ගායකයන් සංගීත ශිල්පීන් පිල් බෙදී ඇත. එකෙක් අනෙකාගේ වැරදි අනෙකාට පවසයි.

ඔවුන් ඒ තුළින් මම මාර වැඩක් කරා , අරූට මම කෙලෙව්වා , අරූට කෙලවනවා, අරව සින්දු ද බං අරූ මෙච්චර ගානක් ගන්නවා , අයියෝ අරූව මට කොට ගානකට ගේන්න පුළුවන් මෙයයි අපේ සංගීත ක්ෂේත්‍රය. කලාව තුළින් අප්ඩේට් නැත.

අනිත් *** වැඩ තුළින් අප්ඩේට් එක ඉහළයි. තවත් කීමට එමටයි.

මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

මම කාගේවත් ගීතයක් විකුණාගෙන කෑවේ නැත. විකුණාගෙන කන්න තරම් මට අහේනියක් ද නැත.

අලුත් රටක අලුත් සංගීතයකින් නැවත හමුවෙමු.

ස්තුතියි. මගේ රටට ආදරෙයි

Ravi Royster Success shines brightest when shared, envy dims its glow. Let’s celebrate each other’s victories rather than dwell in gossip’s shadow.