මැදවච්චියෙන් හමු වූ දරුවෙකු ගිලින්නට පුලුවන් තරම් විශාල පිඹුරා

කුකුළන් ගිලදමන්න රාත්‍රියේ නිවසකට පැමිණි දැවැන්ත පිඹුරෙකු ගිලගත් කුකුළු ගොදුරත් සමග (28) උදෑසන දැලක පැටලී සිටියදී එම නිවසියන්ට හමු වී තිබේ.

ඒ මැදවච්චිය, ඇටවීරගොල්ලෑව එස්. චන්ද්‍රසේකර ගොවිමහතාගේ කුකුළු කූඩුව අසලින්ය.

අළුයම 5.30 ට පමන එස්. චන්ද්‍රසේකරගේ කුකුළු කූඩුවේ කුකුළන් විශාල හඩකින් කෑ ගැසීම හේතුවෙන් මේම ගොවිපොල හිමියන් කුකුළු කූඩුව පරික්ෂා කර ඇත. ඒ වන විට අඩි 10 ට පමණ ආසන්න මෙම දැවැන්ත පිඹුරා හමු වී තිබේ.

කුකුළු කූඩුවට රිංගා කුකුළන්ද ගොදුරට ගෙන පිටව යාමට උත්සහ කරමින් සිට් මෙම පිඹුරා කුකුළු කූඩුව වටා ඇද තිබූ මාලු දැලක හිස පැටලි සිට ඇත. අනතුරුව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතුව දැල කපා ඉවත්කරමින් පිඹුරාව නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.

මෙම පිඹුරා කුඩා දරුවන් පවා ගිළීමට හැකි තරමි විශාල වූ පිඹුරෙකු බව ගම්වාසීන් පවසයි.

බේරාගත් කිඹුලා කැලයට මුදා හැරීමට පෙර ගොදුරු කරගෙන සිටි කුකුළන් නිවැසියන් ඉදිරිපිටම වමාරා තිබුණි.