පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම හිමාලයට ගොස් ලැබුණු ජයග්‍රහණය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම සාර්ථක ලෙස හිමාල කඳුකරයේ උන්නතාංශ මීටර් 3500ට වැඩි පසු කිරීම් ස්ථාන තුනම (Three passes ) ජයග්‍රහණය කරයි.

ලෝක කඳු නගින්නන් අතර අතිශය භයානක ඉතාම දුෂ්කර හා වඩාත්ම අභියෝගාත්මක කඳු තරණ මාර්ගයක් ලෙස මෙම එවරස්ට් බේස් කෑම්ප් (Everest  Base Camp)කඳු තරණය ප්‍රචලිතය.

පසු කිරීම් ස්ථාන තුන උස මීටර් 5550 ක් වන කොංග්මාලා පාස් ,උස මීටර් 5420 ක් වන චෝලාපාස් සහ මීටර් 5360 වන රෙන්ජොලා පාස් නමින් හඳුන්වයි.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ හය දෙනෙකුගෙන් සමන්විත මෙම හිමාලයාන්ස් (Himalayanz) ගවේෂක කණ්ඩායම අයිලන්ඩ්  පීක් (Island peak)තරණය  කිරීමටද  අපේක්ෂාවෙන් සිටි.

එම විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය නියෝජනය කරමින් ශිෂ්‍යයන් පස්දෙනකු සහ එක් ශිෂ්‍යාවක් සමග හය දෙනකුගෙන් යුත් ගවේෂක කණ්ඩායමක්  ඊට එක් වූ අතර ඔවුන් මෙම ගවේෂණය ඇරඹූයේ මෙම මස මුල් සතියේදීය.