පාකිස්ථානු යුවතියකට ඉන්දිය ජාතිකයෙකු‌ගේ හදවතක් බද්ධ කෙරේ

19 හැවිරිදි පාකිස්තානු යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබෙයි.

චෙන්නායි MGM රෝහලේදී සිදු කෙරුණු එම සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී මෙම සැත්කම නොමිලේ සිදු කර තිබීම විශේෂත්වයකි