චීන ප්‍රහාරක ගුවන් යානා දෙකක් තායිවානයේ කීලංග් නුවරට කිලෝමීටර් 76ක් පමණ ඉතා ආසන්නයට පැමිණි බවට එරට විශ්‍රාමික ගුවන් හමුදා ලුතිනන් ජෙනරාල්වරයකු සහ හමුදා විශේෂඥයකු ප්‍රකාශ කිරිමත් සමඟ එරට ගුවන් ආරක්ෂක පද්ධතිය සූදානමින් තැබීමට තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තායිවාන දූපතේ උතුරු කෙළවර පිහිටි කීලංග් නුවරට කිලෝමීටර් 76ක් දුරින් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව උල්ලංඝනය කරමින් පැමිණ ඇතැයි කියන චීන විමුක්ති හමුදාවට අයත් එම ප්‍රහාරක ගුවන් යානාවලට එතැන සිට තායිපේ අගනුවර පිහිටි ජනාධිපති කාර්යාල ගොඩනැඟිල්ලට ළඟාවීමට වැය වන්නේ මිනිත්තු 5ක් තරම් කෙටි කාලයක් බවත් විශ්‍රාමික ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කර ඇතැයි තායිවාන මාධ්‍ය සඳහන් කර තිබේ.
මේ සිදුවීමත් සමඟ චීන ගුවන්යානා ආක්‍රමණය පිළිබඳ වැඩි අවධානයෙන් පසුවන බව තායිවාන ආරක්ෂක ඇමැතිවරයා නිවේදනය කර ඇති අතර, චීනයෙන් එල්ලවිය හැකි ඕනෑම තර්ජනයක් මැඬ පැවැත්වීමට කටයුතු කරන බවට ආරක්ෂක ඇමැතිවරයා ජනතාවට සහතික කර ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කර තිබේ.