අවුරුදු 60යි
ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර පැවැති විවාහක රූ රැජන තරගයෙන් 60 හැවිරිදි කාන්තාවක් ජයගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආජන්ටිනාවේ නීතිඥවරියක සහ මධ්යවේදිනියක වන අලෙජැන්ඩ්රා රොඩ්රිගස් නමැති මේ කාන්තාව විශ්ව රෑ රැජන තරගයක කිරුළ දිනූ වයස්ගතම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ ජයග්‍රහණයත් සමඟ ඇය ලෝක විවාහක රෑ රැජන තරගයට ආජන්ටිනාව නියෝජනය කිරීමේ සුදුසුකම් ලබාගත් අතර, එම තරගයට සහභාගි වන වයස්ගතම කාන්තාව ලෙසත් ඉතිහාසයට එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.