පෙම්වතිය බලන්න ගිය පෙම්වතා අතුරුදහන් වෙයි

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙකි.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ පිළිබඳව තොරතුරක් නොමැතිව අදට දින 6කි.

ඔහු පසුගිය 22 වනදා සිය වෙළෙඳසැලෙහි සේවකයෙක් සමඟ කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබුණි.

නැවත සේවකයාට යන ලෙස පවසා ඇති ඔහු තමා දැනුම් දුන් පසු පැමිණෙන ලෙසට පවසා ති‌බෙයි

අදාළ නිවසට ගිය අවස්ථාවේ සිට ඔහු පිළිබඳ කිසිඳු තොරතුරක් මේ දක්වා ලැබී නොමැත.

මෙම සිද්ධිය පිළිබඳව කුලියාපිටිය පොලීසිය විමර්ශන මෙහෙයවන අතර ඊට අදාළ සැක සහිත මෝටර් රථයක්ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.