ජනනිට රන් පදක්කමක්

ලෝක පැරා ගෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී ජනනි ධනන්ජනා රන් පදක්කමක් දිනා ගෙන තිබේ. තරගාවලිය පැවැත්වෙන්නේ මොරොක්කෝවේ මරකෙච් හී දී ය.

ටී -47 කාණ්ඩයේ මීටර 100 ධාවන ඉසව්වෙන් තරග වැදුනු ජනනි ධනන්ජනා දැක්වූ දක්ෂතාව තත්පර 13.75කි.

මේ අතර අනිල් ප්‍රසන්න තම පෞද්ගලික හොදම කාලය වාර්තා කරමින් ටී-42 කාණ්ඩයේ මීටර 100 ධාවන තරගයෙන් රිදී පදක්කම දිනා ගත්තේය. ඒ තත්පර 12.84ක දක්ෂතාවක් දක්වමිනි.

බුද්ධික ඉන්ද්‍රපාල ලෝකඩ පදක්කම හිම කර ගත්තේ තත්පර 13.34ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් ය.