අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ
කවරකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උපයාගත් දේපළක් ඇත්නම් ඒ රාජසන්තක කිරීමට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ මහනුවරදී (26) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
කැබිනට් මණ්ඩලය (25) මේ සඳහා අනුමැතිය දුන් බවත්, එය ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, අවුරුදු 25ක් තිස්සේ නොගෙනා පනත් ගණනාවක් පසුගිය අවුරුදු දෙකේදී සම්මත කිරීමට හැකි වූ බවත් ඒ මහතා එහිදී පැවසීය.
කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර එකඟ වීමට හැකි හොඳම තීන්දු ගන්නා බවද හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් වීම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වීමට හෝ ඉවත් කිරීමට හේතුවක් නොවන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සාමාජිකයන් එහි සිටින බවත් ඇමැතිවරයා පැවසුවේය.