සජබ හා එක්වූ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට පොදුජන පෙරමුණ තීරණය කරයි

සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

මෙම මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි පොදුජන පෙරමුණ පවසන්නේ.

පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ.

ඉහත සඳහන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුගිය 05 වැනිදා සමගි ජන බල සන්ධානය ලෙස සමගි ජන බලවේගය සමග ගිවිසුමගත වී තිබුණා.