ආසි­යානු කැරම් ශූර­තා­ව­ලිය අද සිට මාලේදී

හය­වැනි ආසි­යානු කැරම් ශූර­තා­ව­ලිය (27) මාල­දි­ව­යිනේ මාලේදී ආරම්භ වෙයි.

අද සිට මැයි මස 1 වැනිදා දක්වා පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලි­යට රට­වල් 12ක් එක්වන අතර, ආසි­යානු කැරම් සම්මේ­ල­නයේ අනු­මැ­තිය ඇතිව මාල­දි­ව­යින් කැරම් සංග­මය තර­ගා­ව­ලිය සංවි­ධාන කරයි.

මේ සඳහා සත්කා­රක මාල­දි­ව­යින සම­ඟින් ශ්‍රී ලංකාව, ඉන්දි­යාව, නේපා­ලය, බංග්ලා­දේ­ශය, පාකි­ස්තා­නය, කටාර්, එක්සත් අරාබි එමීර්, ජපා­නය, දකුණු කොරි­යාව, මැලේ­සි­යාව සහ සිංග­ප්පූ­රුව නියෝ­ජ­නය කර­මින් කණ්ඩා­යම් එක් වෙයි.

මේ ශූර­තා­ව­ලිය වසර 10කට පසුව පැවැ­ත්වීම විශේ­ෂ­ත්ව­යකි. අව­සන් වරට 2013 වසරේ ඉන්දි­යාවේ කොල්ක­ටා­හිදී මේ තර­ගා­ව­ලිය පැවති අතර, එහිදී ශ්‍රී ලංකාවේ චමිල් කුරේ සහ නිශාන්ත ප්‍රනාන්දු එක්ව පිරිමි යුගල ශූර­තාව දිනා­ගත් අතර, සෙසු ශූරතා සියල්ල ඉන්දි­යා­වට හිමි විය. ඒ අනුව පිරිමි හා කාන්තා අනු­ශූ­රතා, කාන්තා යුගල අනු­ශූ­ර­තාව සහ මිශ්‍ර යුගල අනු­ශූ­ර­තාව ශ්‍රී ලංකාව සතු විය.

මෙවර තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිල ඉසව් 5කින් තරග බිමට පිවි­සෙයි. ඒ කණ්ඩා­යම්, ඒකල, යුගල, මිශ්‍ර යුගල සහ ස්වීස් ඉස­ව්ව­ලිනි.

හිටපු ලෝක ශූර නිශාන්ත ප්‍රනා­න්දුගේ නාය­ක­ත්ව­යෙන් තර­ගා­ව­ලි­යට එක් වන පිරිමි කණ්ඩා­ය­මට සහීඩ් හිල්මි, අනාස් අහ­මඩ් සහ හසිත අනු­රුද්ධ ඇතු­ළත් වන අතර, ජෝශප් රොෂිටා නාය­ක­ත්වය දෙන කාන්තා කණ්ඩා­ය­මට තරුෂි හිම­හ­න්සිකා, ටශ්මිලා කාවින්දි සහ හිරුෂි මල්ෂානි ඇතු­ළත්ව සිටිති.