අවු­රුදු සමයේ ශ්‍රීලං­ගම ආදා­යම කෝටි 150ක්

අලුත් අවු­රුදු සමයේ ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය රුපි­යල් මිලි­යන 1,500ක පමණ ආදා­ය­මක් උපයා තිබේ.

අප්‍රේල් 5 දා සිට16 දා දක්වා මේ ආදා­යම උපයා ඇති බව කී එහි සභා­පති ලලිත් ද අල්විස් සති­යක කාල­යක් තුළ ලංගම අධි­වේගී මාර්ග ආදා­යම රුපි­යල් මිලි­යන 130ක් වන බවද කීවේය. මඟී ගම­නා­ග­ම­නය අඩාළ නොවන ලෙස අලුත් අවු­රුදු සමයේ අවශ්‍ය තරම් බස් රථ ධාව­න­යට යොද­වන ලෙස ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන උප­දෙස් දුන් බව කී ඒ මහතා රට පුරා සාමාන්‍ය අයු­රින් ධාව­නය වන බස් රථ ඇණි­යට අම­ත­රව තවත් අම­තර බස් රථ 700ක් යෙදවූ බවද දින­මි­ණට පැව­සීය.

වැඩිම බස් රථ ප්‍රමා­ණ­යක් ධාව­න­යට එක් කරනු ලැබුයේ පසු­ගිය 12 දා යැයි කී ඒ මහතා එදින බස් රථ 1,200ක් රට පුරා ධාව­න­යට එක් කළ බවත් හෙතෙම කියා සිටි­යේය. අවු­රුදු කාල­සී­මාව තුළ සිසු සැරිය බස් රථ සහ කෙටි දුර ගමන් සේවා ඇතුළු අනෙ­කුත් ගම­නා­න්ත­වල බස් රථ සහ බස් අම­තර ඇණියේ තිබූ බස් රථ විවිධ ගම­නාන්ත සඳහා යෙදවූ බවද හෙතෙම කියා සිටි­යේය.