ඇල්ල කර­ඳ­ගොල්ල නාය­යෑම සක්‍රීය වෙයි:

  • වැස්සත් නෑ: විශාල බොර­දිය ජල පහ­රක් ගලා­ගෙන යනවා 
  • අක්කර 15ක කොට­සක් දැන­ට­මත් නාය ගිහින්
  • පවුල් 10ක් ඉවත් කරලා 
  • ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් සහ­කාර අධ්‍යක්ෂ

ඇල්ල කර­ඳ­ගොල්ල මලි­ත්ත­ගොල්ල ප්‍රදේ­ශයේ නාය­යෑම තව­දු­ර­ටත් සක්‍රීය වෙමින් පව­තින අතර මේ නිසා­වෙන් ඇල්ල වැල්ල­වාය ප්‍රධාන මාර්ග­යට දැඩි අව­ධා­න­මක් මතු වී ඇතැයි ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් සහ­කාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උද­ය­කු­මාර (26) පස්ව­රුවේ පැව­සීය. දැනට වර්ෂාව නැතිව වියළි දේශ­ගු­ණික තත්ත්ව­යත් ඇල්ල ප්‍රදේ­ශයේ පැව­ති­යද ,මලි­ත්ත­ගොල්ල ප්‍රදේ­ශයේ මේ නාය­යෑම සක්‍රීය වෙමින් පව­තින ස්ථානයේ විශාල බොර­දිය ජල පහ­රක් ගලා යමින් පව­තින බවත් දැන­ට­මත් ගස්කො­ළන් රැසක් බිමට කඩා වැටී ගම්මා­නයේ නිවාස කීප­යක් ද කැඩී හානි වී ඇතැයි හෙතෙම කීය. මේ නාය­යෑම 2019 වසරේ ආරම්භ වූ අතර එතැන් පටන් විටින් විට මේ නාය­යෑම සක්‍රීය වෙමින් පව­තින බවත් යළි (24) එක්ව­රම මේ නාය­යෑම යළි සක්‍රීය වෙමින් විශාල බොර­දිය ජල­ප­හ­රක් ගලා­ය­මින් පව­තින බවත් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් සහ­කාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උද­ය­කු­මාර පව­සයි .

මේ මලි­ත්ත­ගොල්ල ප්‍රදේ­ශයේ පදිංචි පවුල් 10ක් ( 24) මේ ස්ථාන­යෙන් ඉවත් කර ආර­ක්ෂිත ස්ථාන කරා යොමු කළ බවත් ඔවුන් දැනට සිය නෑදෑ හිත­ව­තුන්ගේ නිවා­ස­වල තාව­කා­ලි­කව නතර වී සිටින බවත් හෙතෙම පැව­සීය. කර­ඳ­ගොල්ල මලි­ත්ත­ගොල්ල ප්‍රදේ­ශයේ දැනට අක්කර 15ක පමණ කොට­සක් දැනට නාය­යෑ­මට ලක්ව ඇති අතර මේ නාය­යෑ­මට ලක් වූ ස්ථාන­යට තර­මක් නුදු­රින් උමා ඔය ජල ව්‍යාපෘ­තිය පිහිටා ඇති බවත් සඳ­හන් කළේය.

නමුත් මින් එම ව්‍යාපා­ර­යට බල­පෑ­මක් ඇති වේද නැති­වේ­වි­දැයි තමන්ට වග­කී­මෙන් ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් කීමට නොහැකි බවත් නමුත් මේ කර­ඳ­ගොල්ල මලි­ත්ත­ගොල්ල ප්‍රදේ­ශයේ නාය­යෑම නිසා­වෙන් ඇල්ල වැල්ල­වාය ප්‍රධාන මාර්ග­යට විශේ­ෂ­යෙන් එය බල­පාන බව ද උද­ය­කු­මාර පැව­සීය. ඇල්ල වැල්ල­වාය ප්‍රධාන මාර්ග­යට මේ නාය­යෑ­මෙන් බල­පෑ­මක් ඇති වුව­හොත් එය ඇල්ල නග­රයේ සංචා­රක ව්‍යාපා­ර­යට දැඩි ලෙස බල­පෑ­මක් එල්ල වන බව ද කීය.

දැනට මේ නාය­යෑ­මට එකම වික­ල්පය මලි­ත්ත­ගොල්ල ප්‍රදේ­ශයේ ගලා බසින බොර­දිය ජල­ප­හර මතු­පිට ගලා­යෑ­මට ඉඩ නොදී ජල­ප­හර වෙනත් දිශා­ව­කට හැර­වීම බවත් එම­ගින් තාව­කා­ලි­කව හෝ මේ නාය­යෑම වළක්වා ගත හැකි බව ද පැව­සීය. මේ සම්බ­න්ධ­යෙන් (25) බදුල්ල දිස්ත්‍රික් ලේකම්,ඇල්ල ප්‍රාදේ­ශීය ලේකම් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය,ඇල්ල පොලි­සිය ඇතුළු වග­කි­ව­යුතු අංශ­වල නිල­ධා­රීන් එක්වී සාකච්ඡා කළ බව­ත්ක­ඩි­න­මින් මෙයට ක්‍රියා­මා­ර්ග­යක් ගත යුතු බවත් උද­ය­කු­මාර වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

එසේ නොවු­ණොත් මේ කර­ඳ­ගොල්ල මලි­ත්ත­ගොල්ල ප්‍රදේ­ශයේ නාය­යෑම තව­දු­ර­ටත් සක්‍රීය වී ඇල්ල වැල්ල­වාය ප්‍රධාන මාර්ගය කර­ඳ­ගොල්ල ප්‍රදේ­ශ­යෙන් මුළු­ම­නින්ම වැසී­ගොස් ඇල්ල වැල්ල­වාය මාර්ග­යට වික­ල්ප­යක් නැති වී යන බවත් හෙතෙම පැව­සීය.