WT20 Qualifier : ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 67 ක ජයක්

2024 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය (25) ආරම්භ වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා තායිලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 67 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 122 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කණ්ඩායමට පන්දුවාර 16 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 55 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධිනී කඩුලු 2 ක් හා ඉනෝකා ප්‍රියදර්ශනී කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්. 

news images
news images
news images