අනුර කුමාර දිසානායක ස්වීඩනයේ සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (25) රාත්‍රි​යේ ස්වීඩනය බලා පිටව ගොස් තිබෙනවා.

මෙම සංචාරයේදී ඔහු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජනහමුවකට සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවයි ජාතික ජන බලවේගය පැවසුවේ.

ජන හමුව (27) ස්වීඩනයේ Nacka Aula හිදී එරට වේලාවෙන් පස්වරු 1.30 ට පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.