තායිවානයේ භූ කම්පන 80ක්

තායිවානයේ තායිපේ අගනුවර කේන්ද්‍ර කරමින් භූ කම්පන 80කට අධික ප්‍රමාණයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගල හානි වාර්තා නොවූවද, ගොඩනැඟිලි රැසකට සුළු හානි සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

තායිපේ නුවරට දකුණින් පිහිටි හුවාලියන් නගරයේ සිදු වූ රිච්ටර් මාපකයේ 6.3ක අගයක් ගත් භූ කම්පනය ඒ අතුරින් විශාලතම භූ කම්පනය ලෙස වාර්තා වන අතර, භූ කම්පන 15කට ආසන්න ප්‍රමාණයක් රිච්ටර් මාපකයේ 4.5 කට වැඩි අගයක් ගත් බව වාර්තා වේ.

භූ කම්පනමාලාවෙන් පසු අතුරු කම්පන 200කට වැඩි සංඛ්‍යාවක් සිදු වී ඇති අතර, හුවාලියන් නුවර විශාල ගොඩනැඟිල්ලක් එක් පසෙකින් ඇල වීම හේතුවෙන් එහි සිටි පිරිස ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත් බව ද වාර්තා වේ.