ශ්‍රි පාද මළුවෙන් පහළට පැන්න තරුණයා බේරුණේ හාස්කමකින්

ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන අතුරුදහන්ව සිටි තරුණයා (24) පස්වරුවේ වතු කම්කරුවන් පිරිසක් විසින් දැක එම තරුණයාව නල්ලතන්නිය පොලිසිය වෙත භාර දි ඇති බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම පැවසිය.

ඉකුත් (19) දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු නඩයක් සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි දිනේෂ හේමන්ත (33) හැවිරිදි තරුණයා ශ්‍රි පාද පද්මය වන්දනා කර ශ්‍රි පාද රත්නපුර මාර්ගයේ මද දුරක් ගොස් ශ්‍රි පාද උඩ මළුවේ ආරක්ෂිත වැටෙන් පහලට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ දත්ත පද්ධතියේ සටහන් වි තිබුණි.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතුයායේ රාජමලේ කොටසේ ශ්‍රි පාද රක්ෂිතයට මායිම්ව ඇළ මාර්ගයක් අසල කිසියම් පුද්ගලයෙකු වැටි සිටින බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් නල්ලතන්නිය පොලිසිය වෙත කරන ලද දැනුම් දිමක් මත නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් එම වතුයායට ගොස් (24) දින තරුණයාව පොලිසිය වෙත රැගෙන විත් දින ගණනාවක් නිරහාරව විජලනයෙන් සිටි එම තරුණයාව මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමට නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් පියවර ගැණින.

මස්කෙලිය රෝහලේදි මාධ්‍යට අදහස් දැක් වු දිනේෂ් හේමන්ත තරුණයා කියා සිටියේ ශ්‍රි පාද උඩ මළුවේදි තමන්ට සිදු වු දේ පිලිබදව කිසිදු මතකයක් නොමැති බවයි. තමන්ට සිහි කල්පනාව පැමිණෙන විට තමන් ඇළ මාර්ගයක් අසල වැටි සිටි බවත්, පසුව එම ඇළ මාර්ගය දිගේ දින පහක් තිස්සේ පහලට සෙමින් බැස පැමිණි බවයි.

රාත්‍රි කාලයේ තමන් එම රක්ෂිතයේ තිබු ගල් ගුහා වල කාලය ගත කල බවත්, එම දින කිහිපය තුල තමන් ජලය පමණක් පානය කරමින් කුසගින්න නිවාගත් බවයි. තමන්ගේ පාදයේ සුළු තුවාල කිහිපයක් ඇති බවත්, වෙනත් බරපතල තත්ත්වයේ කිසිදු අබාධයක් තමන් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. මස්කෙලිය ප්‍රාදේශිය රෝහලෙන් මුලික ප්‍රතිකාර ලබාදිමෙන් පසුව එම තරුණයාව දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමට මස්කෙලිය රෝහලේ වෛද්‍යවරුන් පියවර ගැණින.

අතුරුදහන් වු තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් , නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් , ශ්‍රි පාද උඩ මළුවේ සහ නල්ලත්නිය පොලිසියේ නිලධාරින් එක්ව අවධානම් මෙහෙයුමක් දියත් කර තිබුණි. දින තුනක් තිස්සේ අතුරුදහන් වු තරුණයා සොයා මෙහෙයුම් සිදු කල නමුත් තරුණයා සොයා ගැනිමට නොහැකි වු නිසා ශ්‍රි පාදස්ථානාධිපති හිමියන්ගේ උපදෙස් පරිදි මෙහෙයුම නතර කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන ගැණින.

ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ආරක්ෂක අංශ වෙත පවසා ඇත්තේ ශ්‍රි පාදස්ථානයට පැමිණෙන සහ අනතුරුට ලක් වන වන්දනාකරුවන්ව සමන් දෙවියන්ගේ රැකවරණය ලැබෙන බවත්, ශ්‍රි පාදස්ථානයේ හාස්කම් තිබෙන නිසා එම තරුණයාට කිසිදු අනතුරක් නොමැතිව හමුවන බවයි.