බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් වාහන දෙකකට හානි

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස කඩා වැටී ඇති අතර ඉන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.