බ්‍රිතාන්‍යය දෙසට ගමන් කළ සංක්‍රමණික යාත්‍රාවක සිටි මගීන් පස්දෙනෙකු මරුට

(23) උදෑසන බ්‍රිතාන්‍යය මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී හත් හැවිරිදි දැරියක් ඇතුළු පස් දෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ බලධාරීන් පවසනවා.

සංක්‍රමණිකයන් 112 දෙනෙකු රැගත් බෝට්ටුවකින් එක්සත් රාජධානියට යාමට උත්සහ කරමින් සිටියදී අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Wimereux සිට ගමන් කර ඇති බෝට්ටුව Boulogne සීමාවේදී යාත්‍රාවේ බර අධික වීම හේතුවෙන් වැලි ඉවුරක ගිලීගොස් තිබෙනවා.

මුහුදට වැටී අතුරුදන්වූවන් සොයා ගැනීම සඳහා සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක බව සඳහන්.

Wimereux පිහිටා ඇති Pas-de-Calais කාර්යාලයෙහි ප්‍රධානියා කියා සිටියේ බෝට්ටුව 112 දෙනෙකු සමග Plage des Allemands සිට යාත්‍රා කිරීම ආරම්භ කර ඇති බවයි.

අධික ලෙස පැටවූ බෝට්ටුව වෙරළේ සිට මීටර් සිය ගණනක් දුරින් වැලි ඉවුරක් පසුකර යාමෙන් පසු එහි එන්ජිම නැවතී දෙදෙනෙකු මුහුදට වැටී ඇති බවයි ප්‍රංශ සමුද්‍ර ප්‍රාන්තය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.