නිවටයෝ වෙන්නේ නැතුව විවාද දෙකම සඳහා වන අභියෝගය බාරගන්න – සජිත්

සහෝදරයින් කණ්ඩායම ආර්ථික විශේෂඥයින් අතර විවාදයෙන් පැනගොස් නායකයින් දෙදෙනා අතර විවාදයක් කරමු යැයි යෝජනා කර ඒ සඳහා දිනත් එවා ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නායකයන් අතර විවාදය හා ආර්ථික කමිටු දෙක අතර විවාදය යන දෙකම සඳහා තමන් සූදානම් බවත්, එම විවාද දෙකම සඳහා වන අභියෝගය භාරගන්නා ලෙසයි ඔහු ජාතික ජන බලවේගයට පවසන්​නේ.

ඒවායින් පැනගොස් කොන්දක් නැති, කෂේරුකාවක් නැති පුද්ගලයින් බවට පත් නොවන ලෙස ඉල්ලා සිටින බවද උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළා.

ලිපි හරඹ සිදු නොකර විවාද දෙකම මැයි මාසය තුළ පැවැත්වීමට එකඟවන ලෙසත්, එම විවාද දෙකම සඳහා සමගි ජන බලවේගය සූදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.