TikTok තහනම් කිරීමට ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය

TikTok යෙදවුම අමෙරිකාව පුරා තහනම් කිරීමට තුඩු දිය හැකි පනත් කෙටුම්පතකට ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

මේ වන විට එම පනත් කෙටුම්පත අත්සන් තැබීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හරහා TikTok යෙදවුම හිමි ByteDance සමාගම හට මාස කිහිපයක් ඇතුළත නව හිමිකරුවෙකු සොයා ගැනීමට හෝ එක්සත් ජනපදයෙන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බල කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් TikTok කොටස් විකිණීමට ByteDance සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතු අතර, මෙය කොටස් විකිණීමට බලහත්කාරය පෑමක් බැවින් ඊට කිසිසේත් එකඟ නොවන බවයි චීනය සඳහන් කරන්නේ.