CARAT Sri Lanka 2024 ඒකාබද්ධ නාවික අභ්‍යාසය 26 දා දක්වා ත්‍රි’මලයේදී

එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ඇති පොදු කැපවීම සහ ශක්තිමත් හවුල්කාරීත්වය පිළිබිඹු කරමින් ත්‍රිකුණාමලයේ දී පැවැත්වෙන Cooperation Afloat Readiness and Training (CARAT) Sri Lanka 2024 අභ්‍යාසය සඳහා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා එක්ව තිබේ.

එක්සත් ජනපද නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව (22) සිට එළැඹෙන 26 වැනිදා දක්වා ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන Cooperation Afloat Readiness and Training (CARAT) Sri Lanka 2024 අභ්‍යාසය සඳහා හවුල් වන බව ද CARAT ශ්‍රී ලංකා සඳහා එක්සත් ජනපද බළඇණි ත්‍රස්ත මර්දන ආරක්ෂක කණ්ඩායම (FAST), නාවික අංශයේ ආරක්ෂාව සහ ත්‍රස්ත මර්දනය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දක්වන එ.ජ. මැරීන් බළකායේ විශේෂ ඒකකයක් සම්බන්ධ වනු ඇත. මේ පිරිස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඔවුන්ගේ ප්‍රතිපාර්ශ්වකරුවන් සමඟින් නාවික හැකියාවන් පූර්ණ පරාසයක් තුළ සම්බන්ධ වන බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

සාම සාකච්ඡා, ගැටුම් කළමනාකරණය සහ නිරාකරණයේදී කාන්තාවන් නිරූපණය කරන වැදගත් භූමිකාව ප්‍රවර්ධනය කරමින් CARAT ශ්‍රී ලංකා අභ්‍යාසය (24) කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වන අතර එ.ජ. කාර්යමණ්ඩලය 70 දෙනකු සහ ඔවුන්ගේ ප්‍රතිපාර්ශ්වකාර ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පස්වැනි වරටත් පවත්වන මෙම CARAT ශ්‍රී ලංකා ද්වී-පාර්ශ්වීය සමුද්‍ර අභ්‍යාසය නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යෑමට එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ඇති පොදු කැපවීම සහ ශක්තිමත් හවුල්කාරීත්වය පිළිබිඹු කරන බව ද එම තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මෙම අභ්‍යාසයේ වැදගත්කම පිළිබඳව මෙසේ සඳහන් කළාය.

“2017දී ශ්‍රී ලංකාව CARAT අභ්‍යාසයට සහභාගි වන්නට ගත් තැන් පටන් ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා අපට ඇති පොදු කැපවීම පිළිබිඹු කරමින් එය එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර සිදු වන වඩාත්ම වැදගත් ද්වී-පාර්ශ්වීය හමුදා සම්බන්ධවීම බවට වර්ධනයවී තිබෙනවා. ඉන්දු ශාන්තිකරයේ සමුද්‍රීය ආරක්ෂක අභියෝග ආමන්ත්‍රණය කිරීමට වඩාත් හොඳින් එක්ව කටයුතු කරන්නට එ.ජ. සහ ශ්‍රී ලංකා නාවික හමුදාවල හැකියාව වැඩි කරන්නා වූ හවුල්කාරීත්ව පෝෂණය කිරීම, සහයෝගීතාව දිරිගැන්වීම සහ සමුද්‍රීය හැකියාවන් වැඩිදියුණු කිරීම එක්සත් ජනපදය කොතරම් වැදගත් කොට සලකනවා ද යන්න මේ අභ්‍යාසයෙන් පෙන්නුම් කරනවා.”

ශ්‍රී ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා

“මෙවැනි අභ්‍යාසවලට සහභාගි වීම හරහා ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්සත් ජනපද නාවික හමුදාව වැනි අත්දැකීම් බහුල සහ නවීන උපකරණවලින් සමන්විත නාවික හමුදාවක් හා සමගාමීව කටයුතු කර, ලැබිය හැකි විශ්වාසය, අත්දැකීම් සහ මෙහෙයුම් පුහුණුව ගත හැකියි. මේ සාගර කලාපයේ සමුද්‍ර තරණයේ නිදහස සහ නීතිපාදක පර්යායක් ඇති කිරීමේදී මෙන්ම සමුද්‍ර ක්ෂේත්‍රයේ එල්ල වන සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන තර්ජනවලට මුහුණදීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට විවිධ නාවික හමුදාවන් සමඟින් ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සම්බන්ධවීමට සිදුවන විට මෙවැනි අභ්‍යාස විශේෂයෙන් වටිනවා.”

එ.ජ. තානාපති කාර්යාලයේ ආරක්ෂා ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇන්තනි නෙල්සන් එළැඹෙන CARAT අභ්‍යාසය හරහා පිළිබිඹුවන පුද්ගලයන් අතර සහයෝගීතාව ගැන මෙලෙස අදහස් දැක්වීය.

“CARAT අභ්‍යාසයේ අරමුණ වන්නේ අපේ රටවල් ආරක්ෂා කරගැනීමට සහ අපේ ලැදියාවන් රැකදෙන කරන ජාත්‍යන්තර සම්මත ආරක්ෂා කරගැනීමට අපේ නාවික හමුදාවලට ඇති හැකියාව වැඩිදියුණු කිරීමයි. නමුත් මෙය අපේ නාවික හැකියාවන් වැඩිදියුණු කරගැනීමට පමණක් සීමා වන්නේ නෑ. CARAT Sri Lanka 2024 අපේ හවුල්කාරීත්වයේ, කල්පවත්නා මිතුදම් ගොඩනඟාගැනීමේ සහ අපේ ශ්‍රී ලාංකික ප්‍රතිපාර්ශ්වකරුවන් සමඟින් කරට කර වැඩ කිරීම හරහා ඇති කරගන්නා අවබෝධයේ ප්‍රබල සංකේතයක් වෙනවා.”