හැටන් අධ්‍යාපන කලාපයේ 16න් පහළ දැල් පන්දු ශූරතාවය ගිනිගත්හේන මැදි විදුහලට

මෙම 2024 වසරේ හැටන් අධ්‍යාපන කලාපයීය ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 16න් පහළ දැල් පන්දු තරගයේ ශූරතාවය හිමිකර ගැනීමට ගිනිගත්හේන මැදි මහ විදුහල් කණ්ඩායම සමත්වූ බව එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත්  පැවසීය. හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ ක්‍රීඩා අංශය මඟින් සංවිධානය කරන ලද එම ක්‍රීඩා තරගය පසුගියදා හැටන් ඩංබාර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගිනිගත්හේන මැදි විදුහල් ජයග්‍රාහී ක්‍රීඩිකාවන් කණ්ඩායම එම විදුහලේ ක්‍රීඩා උපදේශක සමන් රණතුංග හා අයේෂා දිසානායක ගුරු භවතුන් දෙදෙනා සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.