වීරසේන ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසේන ගමගේ මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.