විවාදය ගැන සාකච්ඡාවකට හෙට හෝ අනිද්දා පාර්ලිමේන්තුවට එන්නැයි නලින්ද ජයතිස්සට සජබයෙන් ලිපියක්

නායකයින් සහ ආර්ථික කවුන්සිල විවාද සඳහා දිනයක් වෙන් කරගැනීමට හෙට (25) හෝ අනිද්දා (26) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දන්වමින් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සට ලිපියක් යොමු කර තිබෙනවා.

පළමුව ආර්ථික කමිටු අතර විවාදයත්, දෙවනුව නායකත්ව මට්ටමේ විවාදයත් පැවැත්වීමට සමගි ජන බලවේගය විසින් යෝජනා කරමින් අප්‍රේල් 9 වනදා ජාතික ජන බලවේගයට ලිපියක් යොමු කළ නමුත්, ජාතික ජන බලවේගය පසුගිය 22 වනදා යොමු කළ ලිපිය තුළ ආර්ථික කමිටු විවාදය ගැන කිසිඳු සඳහනක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවත් අදාළ ලිපියේ සඳහන් වනවා.

අදාළ විවාදයන් පැවැත්වන දිනයක් සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීමට 25 හෝ 26 දින දෙකින් පහසු දිනයක පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ඉල්ලා සිටින බවයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ලිපිය පහතින්. 

news images