විවාදයට ඒකපාර්ශවීයව දින දීලා හරියන් නෑ – නලීන් බණ්ඩාර

විවාදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය යොමුකළ ලිපිය තම පක්ෂය වෙත ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

ජාතික ජන බලවේගය විසින් ඒක පාර්ශවීය ලෙස තීන්දු කරගත් දින කිහිපයක් අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදයට එහි යෝජනා ක​ර ඇති නමුත්, සජිත් ප්‍රේමදාස විසින් එම දිනවල යොදාගත් වැඩ රාජකාරි ඇති බැවින් ඔවුන් සඳහන් කර ඇති දිනවල විවාදය සඳහා එකඟවිය නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

තවද ආර්ථික කමිටු දෙක අතර විවාදය සම්බන්ධයෙන් එම ලිපියෙහි කිසිඳු සඳහනක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ නලින්ද ජයතිස්ස හමුවී සාකච්ඡා කර විවාදයේ දින සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත ප්‍රකාශ කළේ.