ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.