දුම්රිය සාමාන්‍යාධිකාරි අභාවය ගැන ඇමැති බන්දුලගේ ශෝකය

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාරගේ හදිසි අභාවය පිළිබඳ තමා බලවත් ශෝකයට පත් වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි. දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අනුරාධපුරයේ යෙදී තිබූ සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වීමට(23) පැමිණ සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බැවින් සාමාන්‍යාධිකාරිවරයාට පින් පැමිණවීම වෙනුවෙන් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ අබියසදී බෝධි පූජාමය පින්කමක් සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සාමාන්‍යාධිකාරිවරයාගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර සහකාර වාණිජ අධිකාරි කාර්යාලය විවෘත කිරීමේ කටයුතු ද නවතා දමන ලදි.