අමරවීර, අලගියවන්න හා දුමින්ද ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පැනවූ වාරණය දීර්ඝ කෙරේ

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අදාළ නඩුව අද (24) යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ඉහත අයවළුන් විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.