අනුර සහ සජිත් අතර විවාදයට සත්කාරකත්වය දැරීමට නීති ශිෂ්‍ය සංගමය ඉදිරිපත් වෙයි

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට තම සංගමය සූදානම් බව නීති ශිෂ්‍ය සංගමය නිවේදනය කරනවා.

අදාළ විවාදය නීති විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට සහ ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කැමැත්ත පළ කරමින් එම පක්ෂවලට ලිපියක් යොමුකරමිනුයි ඔවුන් මේ බව පවසා ඇත්තේ.

රටේ අනාගතය තීරණය කරන දේශපාලකයන් විසින් තමාගේ ප්‍රතිපත්තීන් මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවත්, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු අපක්ශපාතී ආයතනයක් ලෙස සිදු කිරීමට නීති ශිෂ්‍ය සංගමය සූදානම් බවත් එහි සභාපති නවෝද් රත්නසේකර සඳහන් කරනවා.

පක්ෂ වෙත යොමු කළ ලිපි පහතින්.

news images
news images