MI vs RR : Rajasthan Royals කණ්ඩායමට විශිෂ්ට ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ  37 වන තරගය ඊයේ (22) Rajasthan Royals හා Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ට ජයක් ලැබීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩාම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර Mumbai Indians කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරද IPL වරම් දිනා ගත්තා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් Mumbai Indians කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Rajasthan Royals කණ්ඩායම 19 වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර Rajasthan Royals කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් Yashasvi Jaiswal නොදැවී ලකුණු 104 ක් ලබා ගත්තා.

ලකුණු පුවරුව පහතින්. 

news images
news images
news images